Monday, February 27, 2012

අහිමි ඇය

අපෙ හිත පෙම් බඳින ...අය
හිතට නැතිවම බැරි .....අය
ලගය ඒ හිත් වෙන ..... අය
එයය මේ ලොව.....අරුමය

පුන්චි දිය බිදු ........ දැකලා
සයුර ගැන පෙම් ..... බැදලා
සිහින අද නම් ........ බිදිලා
හද හඩයි ඉකි ........ ගසලා

හද පිදෙන පෙම් ....... මලසුනේ
සුවද තැවැරුනු ..... සෙනෙහසේ
වෙනත බැදුනේ ඇයි ..... මෙසේ
කිමද මා පෙම ...... නොදැනුනේ

කඩා වැටෙනා තාරුකා ............. රෑ
සොයා වැරුවෙමි නිදි දොළොස් ....පෑ
පතා සිටියෙමි දෑත මා .............. ඈ
දෙනෙත අඳ විය ඇය තවම ........ නෑ

Wednesday, February 22, 2012

සොදුරිය

සිඳ සිඳ අඳුර ඟණඳුර මැද නුඹ දිලෙන
විඳ විඳ සිසිල නුඹගෙන් මා හද නිබද
බිඳ බිඳ දැනේ නුඹ උණුසුම හද මැදට
නුඹ නුබ ගැබෙහි රැදි පෙම්ලොව එකලු කල

මදනළ සුසුම් ඔබ හද මඩලෙන් මිදුන
දිවි දිය තලාවේ හසරක් සොයන කල
දුක දා නිවා සවිබල ගන්වන නිබද
එන මේඝයකි මා ජීවන රුවල මත

ඔය නිල් නුවණ් නෙත ගැටෙනා හැම වරම
වසත් කල වෙළයි මා රුදු කතර වට
ගෙවෙනා දිවිය ඔබගේ පෙම් වදන් මැද
තව අන් සැපක් මෙදියත මට කුමට වෙන