Wednesday, February 22, 2012

සොදුරිය

සිඳ සිඳ අඳුර ඟණඳුර මැද නුඹ දිලෙන
විඳ විඳ සිසිල නුඹගෙන් මා හද නිබද
බිඳ බිඳ දැනේ නුඹ උණුසුම හද මැදට
නුඹ නුබ ගැබෙහි රැදි පෙම්ලොව එකලු කල

මදනළ සුසුම් ඔබ හද මඩලෙන් මිදුන
දිවි දිය තලාවේ හසරක් සොයන කල
දුක දා නිවා සවිබල ගන්වන නිබද
එන මේඝයකි මා ජීවන රුවල මත

ඔය නිල් නුවණ් නෙත ගැටෙනා හැම වරම
වසත් කල වෙළයි මා රුදු කතර වට
ගෙවෙනා දිවිය ඔබගේ පෙම් වදන් මැද
තව අන් සැපක් මෙදියත මට කුමට වෙන

No comments:

Post a Comment