මිරිගු දිය මත දෙපා දොවනා
සඳ මඬල දැක දෑත පානා
අහිංසක වූ ඔය මල් සිනා
දිටිමි සොදුරියේ වගෙම පෙරදා
අඳුරු ගෙබිමේ වැතිර නටනා
ඔබෙ සිනහ රැල් පුතුනි ඇසෙනා
දියව ගිය දාහයට බැදිලා
සවිය දහසක් ගුණව දුන්නා
හිත සිබින ඔය දෙනෙත් සනහා
දිලෙන තරුකැට අතර රැදිලා
දිටිමි අදුරෙම මවෙත බැදිලා
තවම ඔබ මා අසල උන්නා
No comments:
Post a Comment